Colombo Today Local News

”රෙද්දක් ඇදන් පාරේ යන්න බෑ… මම මළගෙදරක යන්නෙත් උදේ පාන්දර”- මැ.කො

රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඕනෑම අභියෝගයක්‌ භාර ගැනීමට හැකි දක්‍ෂතාවක්‌ තිබිය යුතුයි. නැතිනම් ඉදිරියට යන්න බැහැ. බැනුම් ඇසීමටත් එහිදී ඉවසීමටත් පුරුද්ද තිබිය යුතුයි. මම පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැ කියලා කොච්චර බැනුම් අහනවද? මම ගමේ මළ ගෙදරක යන්නේත් උදේ පාන්දර පහට හයට විතර. නැත්නම් ගමේ හඳුනන යාළු මිත්‍රයෝ අහනවා උඹලා ඡන්දෙ තියන් නැද්ද කියලා. උදේම මළගෙදර ගියාම නිවසේ අය හැරෙන්න වෙන කවුරුවත් මුණ ගැසෙන්නේ නැහැ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉහත ප්‍රකාශය කරන ලද්දේ බලන්ගොඩ හිටපු ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතාට උපහාර පිදීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය. බලන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරස්‌ථාන පරිශ්‍රයේ පසුගියදා පැවැති මෙකී උත්සවයේදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද පැවැසීය.

මම රාජ්‍ය සේවයට ඇවිත් වසර 27 ට පසුව තමයි මෙම ප්‍රාදේශීය ලේකම්වරයා සේවයට ආවේ. නමුත් අද ජනතා උපහාර ලබනවා.මට වැඩ කරන්න ලැබුණේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිසා නිතර ගනුදෙනු කළේ දේශපාලනඥයන් සමගයි. ඉතින් අපට මේ වගේ ජනතා උපහාර කොයින්ද? ඉස්‌සර මම තනියම බැනුම් ඇහුවා. දැන් කොමිෂන් සභාව නිසා තව දෙන්නෙක්‌ ඒකට ඉන්නවා.ඡන්දය ප්‍රමාද වීම අපේ වරදක්‌ නිසා සිදුවන්නක්‌ නොවෙයි. 2013 පනතේ අඩුපාඩු තිබෙනවා. ඒවා සංශෝධනයකර පාර්ලිමේන්තුවේ සම්මත වූවොත් ලබන ඔක්‌තෝබර් මාසේ මැතිවරණය තියන්න පුළුවනි.

Related posts

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

කඳුළු ගෑස්, ජල ප්‍රහාර කමින් එදා මීතොටමුල්ලේ සැම වෙනුවෙන් ලොවට හඬනෑගූ කීර්තිරත්නට අද අත්ව ඇති ඉරණම

colombotoday

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin