යාපනය හා උතුරුකරය පූරා උත්සන්න වෙමින් පවතින ප්රචන්ඩ ක්රියාවලට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකය ඊයේ (04) පෙරවරුවේ වඩමාරච්චි, තුන්නලායි ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.
එහිදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් සහ යතුරුපැදි 11ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විටවඩමාරච්චි ප්රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.