Colombo Today Local News

“වෛද්‍ය උපාධිය ලබාදීමට සයිටම් ආයතනයට සුදුසුකම් නෑ” – වෛද්‍ය සභාව ශේෂ්ඨාධිකරණයට දන්වයි

සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා මේ බව කීය.

එසේම විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන පනතෙහි 25 වැනි වගන්තිය අනුව උපාධි ප‍්‍රදාන ආයතන සම්බන්ධයෙන් බලයලත් නිලධාරියෙකු විසින් නිර්දේශ ලබා ගත යුතු බවත් , එම පනතෙහි 70 වැනි වගන්තිය අනුව එම බලයලත් නිලධාරීන් නම් කර ඇති බවද ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා කීය.

අදාළ වගන්තිය මඟින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම බලතල පවරා ඇති බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.

නමුත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් හෝ අනුමැතියක් ලබා දී නැති බව පසුගිය වාර්තා පිරික්සීමේදී තහවුරු වන අතර සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස ප‍්‍රකාශ කිරීම නීතීවිරෝධී බවත් ,උසස් අධ්‍යාපන ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කිරීම හරහා නීතිවිරෝධී ක‍්‍රියාවක් සිදු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දක්වා (04) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Related posts

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

බරපතල ජාතික උවදුරක් අත ළග ! මහා සංඝරත්නය දළදා මළුවේ මහ අධිෂ්ඨාන පූජාවකට සැරසෙයි

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday