Colombo Today Local News

මගේ කීර්තිනාමය නැතිකරන්න හදනවා.. බැඳුම්කරේ “ඇත්ත නැත්ත” ලියූ ඇමති සුජීව පොලීසි යයි !

ප්‍රතිපත්තිගරුක කීර්තිමත් දේශපාලඥයන්ගේ චරිතය ඝාතනය කර ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමේ සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි ප්‍රධාන ඉලක්කය තමා බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ පවසයි.

බැඳුම්කර සිදුවීමේදී තමන් අල්ලස්  ගෙන ඇති බවත් එමගින් දේපළ ලබා ගෙන ඇති බවත් සඳහන් කරමින් වෙබ් අඩවි හරහා සාවද්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරමින් සිටින බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකොට ඇත.

කෙසේ වෙතත් ආන්දෝලනයට ලක්ව ඇති මහබැංකු බැදුම්කර නිකුතුවේදී කිසිදු  වංචාවක් සිදුව නැති බව පවසමින් ඇමති සුජීව සේනසිංහ විසින් 2015 ජූලි මසදී “මහබැංකු බැදුම්කර නිකුතුව, ඇත්ත නැත්ත” නමින් පොතක් ප්‍රකාශයට පත් කර තිබිණි. රූපවාහිනී විවාද වලදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේදීද බැදුම්කර වංචාවක් සිදුව නැතැයි කියමින්, එහි චූදිතයන් වෙනුවෙන් ඇමතිවරයා දිගින් දිගටම පෙනී සිටියේය.

බැදුම්කර මගඩිය සාධාරණීකරනය කරමින් සුජීව සේනසිංහ මහතා විසින් එළිදැක්වූ පොත මෙතැනින්

Related posts

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

Admin

තෙල් ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනය නවතයි

colombotoday

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

Admin

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළුවක් නෑ… උපවාසයේ නිරත හිමිනමට මහානායක හිමි ඇතුළු දායක සභාවේ දැඩි විරෝධය !

colombotoday

රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් පොලීසියෙන් වෙඩි කයි

colombotoday

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday