Colombo Today Local News

මුස්ලිම් හාමුදුරුවෝ ජනපති කාර්යාලය අසල අමුතු අඩව්වක් අල්ලයි.. පොලිසිය විත් කුදලන් යයි

ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් පරිදි රෝහල් ගත කර ඇත.

තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් විජිත හිමියන් ඊයේ (1) ජනධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළ අතර සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් එම ස්ථානයට පැමිණීමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

වටරැක විජිත හිමියන් පසුගිය කාලයේ පුවත් මැවූ ආන්දෝලනාත්මක චරිතයක් වූ අතර බන්ධනාගාරගත හිටපු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නැයි ඉල්ලමින් මෑතකදී උද්ඝෝෂණවලද නිරත විනි. මහියංගනය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකදී සිංහල ජනතාවට අපහාස කරමින් සිදුකළ දේශනයක් නිසා විජිත හිමියන් පහරකෑමටද ලක්විණි.

විල්පත්තු වන සංහාරය සාධාරණීකරණය කරමින් ඇමති රිෂාද් බදුර්දීන්ගේ මෙහෙයවීමෙන් එම හිමියන් විසින් පැවැත්වීමට සූදානම් වූ මාධ්‍ය සාකච්ඡාවකට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් බාධා කළේ යැයි කියන සිද්ධියකට අදාලව නඩුවක්ද මේ වන විට විභාග වෙමින් පවතී.

අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන් වරකදී වටරැක විජිත හිමියන් හැදින්වූයේ ‘මුස්ලිම් හාමුදුරුවෝ‘ නමිනි. එම දේශනයේ විඩියෝ පහත දැක්වේ.

[fbvideo link=”https://www.facebook.com/TheSword.lk/videos/644258948946737/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මධුෂ් සමග හසුවූ රයන් වෑන් රෝයි ඇතුළු 5ක් පිටුවහල් කරයි.. කටුනායකදී අත්අඩංගුවට…

colombotoday

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

15වැනිදා මහ වැඩ වර්ජණයකට බස් ගැමුණු සැරසෙයි!

colombotoday