කලක් ලොව හොදම ගුවන් සේවා 10 අතර සහ මධ්‍යම ආසියාවේ හොදම ගුවන් සේවය ලෙස වැජඹුනු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය පිළිබදව දැන් දැන් අසන්නට ලැබෙන්නේ හොද ප්රවෘත්ති නම් නොවේ.
ඉතා අබලන් ගුවන් යානා වල කිසිදු ප්‍රමිතියකින් තොර සේවයක් සපයමින් පිටකොටූවේ ශෝට් ඊට්ස් කඩවල ප්‍රමිතියට සැකසූ ආහාර ලබාදෙන ශ්‍රී ලංකන් ගුවන්සේවය මේ වනවිට ලොව අසාර්ථකම ගුවන්සේවයක් වී අවසන්ය.
පසුගිය දිනක ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගමන්කල මගියෙකු එහි ඇති අවම ප්‍රමිතියෙන් යුතු ආහාර වේල පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වේ.