පසුගිය ජූලි 17 වනදා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරාගත් බව පැවසුවත් විවිධ පාර්ශව විසින් ඒ පිළිබද නොයෙකුත් මත ප්‍රකාශ කරන බැවින් ඒ සම්බන්ධව අදාල ගිවිසුමේ පිටපතක් ලබා දෙන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතතුරු ලබා දෙන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ.