Colombo Today Local News

“විමල් මොන ළදරුවෙක්ද.. කවුරු එපා කීවත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවාමයි“ – අනුර දිසානායක

කුමන පාර්ශවයක් අකමැති වුවත් නව ව්‍යවස්තාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ඉවත්වීම එතරම් සැලකිල්ලට ලක්‌කළ යුතු නැති බවයි.

“ගෙදරක ඉන්න කුඩා දරුවන් වැඩිහිටියන්ගේ අවධානය නැති වුණාම සෙල්ලම් බඩු පොළොවේ ගහනවා. ජානිපෙත් කළේ හරියට ඒ වගේ වැඩක්‌….” යෑයිද හෙතෙම පැවසීය.

ලය බෙදීම පිළිබඳ මෙතෙක්‌ අවසන් එකඟතාවකට ඇවිත් නෑ. බුද්ධාගමට, රටේ ඒකීය භාවය පිළිබඳ වගන්ති ගැන කිසිදු සාකච්ඡාවක්‌ නැහැ. ඒවා ස්‌ථිර දේවල්. සාකච්ඡා කළ යුතු නෑ. අලුත් ව්‍යවස්‌ථාවකට ජනමත විචාරණයක්‌ අවශ්‍යයි. ඒ නිසා කුමන පක්‌ෂයක්‌ අකැමැති වුණත් ව්‍යවස්‌ථාව ජනතාව ඉදිරියේ විභාග වෙනවාමයි” යෑයිද දිසානායක මහතා කීවේය.

Related posts

බුරවිට සුළි කුණාටුවට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

colombotoday

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

colombotoday

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

colombotoday

කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්ටු අම්මාන් ජීවතුන් අතර, මඩකලපුවේ පොලිස් නිලධාරීන් ඝාතනය කොටින්ගේ වැඩක් – කරුණා අම්මාන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක.

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

colombotoday

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday