Colombo Today Local News

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

අතුරුදන්වූවන් පිළිබද සොයා බැලෙන කාර්යාලය පිළිබද පනතට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාදායක මණ්ඩලය අදාළ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු 7 දෙනකුගෙන් යුතු නිලධාරී මඩුල්ල සඳහා නාමයෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම එහිදි කීය.

“අපි සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම, සංහිඳියා ක්‍රියාවලිය, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳ ආදී පනත සම්මත කිරීම වැනි බොහෝ දේ කර තිබෙනවා. මේ කාර්යාලයෙන් 71 කැරැල්ල කාලයේදී අතුරුදන්වූවන් පිළිබඳවත් සොයා බලනවා. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියලා වෙනසක් නැහැ. මේ කාර්යාලය ඔස්සේ සීමිත කාලයක් ගැන විතරක් බලන්නේ නැහැ. සිංහල කැරැලි ආදී සියල්ල ගැන සොයා බලනවා. පනතේ සංශෝධන කිහිපයක් කරන්න තිබුණා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සංශෝධන සිදු කළා. පනත නෛතිකව ක්‍රියාත්මක කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා අත්සන් තැබුවා. “ යැයි විදේශ අමාත්‍යවරයා එහදී ප්‍රකාශ කළේය.

“මේ කාර්යාලය ස්වාධීන කාර්යාලයක්. ඒ කාලේ වැරැදි කරපු අද බොරුවට කෑගහනවා. ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. එහෙත් ඇත්ත මොකක්ද කියා සොයා බැලිය යුතු” යැයි විදේශ අමාත්‍යවරයා තවදුරටත් කීය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ අගෝස්තු 11 වැනි දා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ අතර එම මස අගෝස්තු 23 කතානායක කරු ජයසූරිය මහතා එම පනතට අත්සන් තැබීය.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

දකුණේ වෙඩි පත්තු වේ

Admin

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday