බැඳුම්කර කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් වැදගත්ම තොරතුරු හා සාක්කි සඟවන්නැයි අර්ජුන ඇලෝසියස් මහතා තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය.
පසුගිය තුන් වැනි දා තමා අර්ජුන ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේ එසේ කී බවද ඩයස් මහතා කීවේය.
ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (19) සාක්කි දෙමිනි.