Colombo Today Local News

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03)දින ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය විමසීමට ලක් කර තිබේ.
ජනධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්ය භාරය, ඉලක්ක සපුරා ගැනීම හා ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවයි.

කොවිඩ් වසංගතය හමුවේ අමාත්‍යාංශ, ආර්ථිකයේ සුරක්ෂිතතාවට මුල්තැන දෙමින් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරුන් එහිදී පෙන්වා දුන් බව ජනධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

මෙම අවස්ථාවට සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

Related posts

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී !

colombotoday

ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

Admin

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

Admin

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ 16 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවට…

colombotoday

තිස්සගේ, ප්‍රසන්නගේ, බන්දුලගේ, මොහාන්ගේ, තිසරගේ දියණියන් තානාපති කාර්යාලවල ඉහල පුටුවලට. | දිලිත් ජයවීරගේ පුවත්පතක් හෙළිකරයි

colombotoday