එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් අද (18) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වනවා.
මෙම සාකච්චාව මුදල් අමාත්‍යවරයා ගේ කොළඹ පිහිටි නිවසේ පැවැත්වීමට බලාපොරොත්තු වන අතර පක්ෂයේ සියලු පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ආරාධනා කර තිබෙනවා.
විශේෂයෙන් එජාපයේ ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ ක්රියාකලාපයයෙන් පසු පෙළ මන්ත්‍රීවරු දැඩි කළ කරීමට පත් වී ඇති බව මේ වන විට අනාවරණය වී තිබීම මෙවැනි සාකච්චාවක් පැවැත්වීමට හේතු වී තිබෙන බවයි සදහන් වන්නේ.