අද පෙරවරුවේ විවාදයට ගැනීමට තිබූ උතුරු මැද පළාත් සභා සභාපතිට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් සභාවේ එක්සත් ජාතික පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරුන් අතර ගැටුමක් ඇති විය.
මෙම ගැටුම අතරතුරදී සෙංකෝලය පැහැරගෙන යාමට උත්සාහ කකර ඇති අතර අවසානයේ සෙංකෝලය දෙකඩ වී තිබේ.
මෙම තත්වය මත සභාවේ කටයුතු පවත්වා ගෙන යා නොහැකි වීමෙන් සභාව කල් තැබුනු ඇතර මන්ත්රීවරුන් විරෝධය එල්ල කලේ විශ්වාස භංගය එල්ල වී ඇති සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතා අද දිනයේද සැසිවාරයේ දී මුලසුන දැරීම ගැන සම්බන්ධයෙනි.