Colombo Today Local News

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු විය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනපතිවරයා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම ද රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ සිදු විය.

දෙරටේ ප්‍රමිති ආයතන දෙක අතර ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් වන ගිවිසුමකට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා අත්සන් තැබූහ.

මීට අමතරව දෙරට අතර ආර්ථීක, කෘෂිකාර්මික, ඇඟළුම්, නෞකා යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම, තොරතුරු තාක්ෂණය, ගුවන්විදුලි සහ රූපවාහිනි සංවර්ධනය, විදේශ සේවා නිලධාරින් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම සහ දෙරට අතර රාජතාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කිරීම ඇතුළු ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබිණි.

[fbvideo link=”https://www.facebook.com/maithripalas/videos/10155316150746327/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

Admin

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන වගකීම් පැහැර හැරලා.. කොමිසමේ දී වු හෙළිදරව්ව

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

මෛත්‍රීගේ 16දෙනා ගැන අපිට සැකයි – රමේෂ් පතිරණ

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin