Colombo Today Local News

රට බෙදෙන බලය බෙදීමක් වෙනුවට, ජනතාවට බලය බෙදන ‘සයිබර් පාර්ලිමේන්තුවක්‘ !

සැබෑ ලෙස ජනතාවට බලය බෙදාදීම සදහා සයිබර් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන ලෙස බොදු බල සේනා සංවිධානයයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.

විතානගේ මහතා මේ අදහස් පළ කෙළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“පළාත්සභා ක්‍රමය තුළින් යම් ආකාරයක බලය බෙදීමක් සිදුවුණා. හැබැයි බොදුබල සේනා පළාත්සභා ක්‍රමයට විරුද්ධයි. වත්මන් ආණ්ඩුව නිතරම තොරතුරු තාක්ෂණය පිළිබද කතා කරන නිසා අප කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන පනත් විවිධ යෝජනා පිළිබද මහජනතාවගේ අදහස් ලබා ගැනීම සදහා සයිබර් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන ලෙසයි.

ජනතාවට තමන්ගේ අදහස් ජංගම දුරකථනය නවීන තාක්ෂණික උපක්‍රම මගින් එවිට යොමු කරන්න පුලුවන්. දූෂණ නැති කිරීමට තොරතුරු තාක්ෂණය යොදාගත හැකයි“

Related posts

ජනපති පුත් දහමට විරුද්ධ මඩ මෙහෙයුම දියත් කලේ එජාපයදැයි සොයන්න CID යොදවයි

colombotoday

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

දැදුරුඔය පහත්බිම් ප්‍රදේශවල අයට අනතුරු ඇඟවීමක්

Admin

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකල තවත් පුද්ගලයින් 201 ක් අත්අඩංගුවට

colombotoday