Colombo Today Local News

අස්ගිරිය – මල්වත්ත කියන්නේ ‘ඩාලි පාරවත්‘, ‘සිරිකොතවත්‘ නෙවෙයි !

අස්ගිරිය – මල්වත්ත මහා විහාර පාර්ශව යනු ශ්‍රීලනිප මූලස්ථානය පිහිටි ඩාලි පාරවත්, එජාප මූලස්ථානය වන සිරිකොතවත් නොවන බවට අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් හෑල්ලුවට ලක් කරන පාර්ශව දැනගත යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ආණ්ඩුවේ ප්‍රධානීන් නිතර පවසන 62ලක්ෂයේ බලය ඉක්මවා ගිය බලයක් උන්වහන්සේලාට තිබෙන බව අවධාරණය කළ ඒහිමියොත්, මහා නාහිමිවරුන්ගේ ප්‍රකාශය ආණ්ඩුව පිළිගත යුතු බවද කියා සිටියේය.

එබැවින් ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට සිදුවන බවත්, එසේ නොකළහොත් ආණ්ඩුවට බලයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය. අභයතිස්ස හිමියන් මේ බව කියාසිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ 11 කැදවා තිබුණු මාධ්‍ය හමුවකදීය.

Related posts

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

colombotoday

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් කටඋත්තර ලබා දෙන්න CIDයට ආ සිව්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday