Colombo Today Local News

“අස්ගිරි නාහිමිට, දඹලු විහාරයට බලපෑම් කිරීම වැරදියි“ – SB අගමැතිට, අකිලට එරෙහිව කට අරී

දඹුලු රජමහා විහාරයේ පරිපාලනය සදහා රජයෙන් සිදුවන අතපෙවීම් සාධාරණ නොමැති බව අමාත්‍ය එස්. බී දිසානායක මහතා පවසයි.

දඹුලු රජමහා විහාරයේ භාරකාරත්වය අස්ගිරිය රජමහා විහාරයට හිමි නිසා අස්ගිරි මහානායක හිමියන්ගේ උපදෙස් අනුව හෝ උන්වහන්සේ විසින් පත්කළ විහාරාධිපතීන් වහන්සේට අවශ්‍ය ආකාරයට එම විහාරයේ පරිපාලනය සිදු විය යුතු බවට ඇමතිවරයා කියා සිටී.

එලෙස නොකර අස්ගිරි මහානායක හිමියන්ට සහ විහාරාධීපතීන් වහන්සේට තර්ජනයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබදව තමන් එකඟ නොවන බවද පුරාවස්‌තූන් විශාල ප්‍රමාණයක්‌ තිබෙන දඹුලු රජමහා විහාරයේ කටයුතුවලට මෙසේ මැදිහත්වීම තමන් අනුමත නොකරන බව හෙතෙම පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

Related posts

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday

මංගල සමරවීර “අරුණ” පුවත්පතට පහර දෙයි. දෙරණ බලන්නත් එපා කියයි.

colombotoday

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday