Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් රටින් ගෙන්වීමට රජය තීරණය කරයි !

පවතින සහල් අර්බුදයට පිළියමක් ලෙස පාකිස්ථානයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

වාණිජ්‍ය හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් මේ දිනවල පකිස්තානයේ සංචාරයක නිරතව සිටින අතර එහිදී සහල් මිලදී ගැනීම සඳහා පකිස්තාන් රජය සමග එකඟතාවයකට පැමිණ තිබේ. සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් ඉතා ඉක්මනින් මෙරටට ගෙනඒමට නියමිත අතර ඉතිරි සහල් ප්‍රමාණය ලබන ඔක්තෝබර් වනවිට මෙරටට ආනයනය කිරීමට නියමිතය.

ඉදිරියේදී ඉන්දියාවෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව කර්මාන්ත හා වාණිජ ඇමති රිෂාද් බදුර්දීන් ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.

සහල් ආනයනයේදී මහා පරිමාණ ජාවාරමක්.. සහල් නැවක් ආගිය අතක් නෑ !

සහල් ආනයනයේදී සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදුර්දීන්ට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අතර, මේ වන විට එහි පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අතහැර දමා තිබෙන බව පැවසේ. එමෙන්ම ඇමතිවරයා යටතේ පවතින සතොස ආයතනය හරහා ආනයනය කළ කෝටි 370ක් පමණ වටිනා හාල් තොගයක් අතුරුදන්ව ඇති බව විගණකාධිපතිවරයා විසින්ද හෙළිදරව් කර ඇත. (වාර්තාව පහත දැක්වේ) එවැනි තත්ත්වයක් තිබියදී දූෂණ චූදිත ඇමතිවරයා යටතේ නැවත වරක් සිදුකිරීමට නියමිත මහාපරිමාණ සහල් ගණුදෙනුව විනිවිදභාවයකින් හා දූෂණයෙන් තොරව සිදුවේදැයි යන්න තබාගත හැක්කේ අවම වූ විශ්වාසයකි.

ආණ්ඩුවේ ලොක්කෙක් හාල් නැවක් ගිලී.. කෝටි 370 හාල් තොගය අතුරුදන් !

Related posts

මහින්ද හිමියන් ‘සංහිදියාවට‘ බාධාවක්.. ධර්මපාලතුමා ජාතිවාදියෙක්… යහපාලනයෙන් සිරගත කරයි !!

colombotoday

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

Admin

පැකට් කළ ආහාරවලට පාලන මිලක් එයි

colombotoday

මන්නාරම නාරිකාඩුවල සිංහලයන්ගේ කඳුළු කථාව

colombotoday

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday