Colombo Today Local News

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පිහිටි මයිලිඩ්ඩි ධීවර වරාය ඇතුළු අක්කර 54ක භූමි ප්‍රදේශයක් නිදහස් කොට එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමේ උත්සවය අද (03) යාපනය මයිලිඩිහි දී පැවැතිවිණි.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක්ද, පේදුරු තුඩුව හා වැල්වැටිතුරේ ප්‍රදේශයන්හි ධීවර ජනතාව 200 ක් පමණ දෙනාද සහභාගී වූහ.

යුද උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් වූ මයිලිඩි අධි ආරක්ෂිත කලාපයයට අයත්ව තිබිණි.

අදාල ඉඩම් හා මයිලිඩ්ඩි ධීවර වරාය නැවත තමන්ටම ලැබීම සමබන්ධයෙන් මයිලඩි ධීවරයින් මහත් සේ සතුටු වී සිටින අතරම ඉතා ඉක්මනින් තමන්ට සුපුරුදු ධීවර කටයුතු සිදු කර ගැනීමට හැකි වන බවටද කියා සිටියහ. යුද හමුදාව විසින් අදාල ප්‍රදේශයේ නැවත පදිංචි වන වැසියන් වෙනුවෙන් පළමු පියවර වශයෙන් ප්‍රදේශයේ පොදු ළිං සියල්ලක්ම හා ආගමික ස්ථාන පිලිසකර කරදීමටද පියවර ගෙන ඇති අතර අනෙකුත් පහසුකම් පසුව ලබා දීමටද පියවර ගෙන ඇත.

Related posts

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ෂයට

colombotoday

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේ

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‘රා’ වලට ප්‍රමිතියක්

colombotoday