Colombo Today Local News

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් වත්මන් රජය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන බව බව හිටපු ඇමැති ජී. එල් පීරිස් මහතා මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ දී  පැවැසීය.

ඒ මහතා විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කීවේය.

එම පනතින් රටේ හමුදා සෙබළකුට හෝ දේශපාලනඥයකුට විදේශිය ආණ්ඩුවක් හෝ විදේශිය රජයක් නියෝජනය කරන ආයතනයක් චෝදනාවක්  කරනු ලබන්නේනම් එය විභාග කිරීම සඳහා  එම රටට අදාළ පුද්ගලයා බාර දිමට සිදුවන බවත් ඉන් පසු ඔහු හෝ ඇය ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ මහානාහිමිවරු ඇතුළු මහා සංඝයා දැනුවත් කර මෙම ක්‍රියාව නවත්වා ගත යුතු  බව පෙන්වා දුන් හිටපු ඇමැතිවරයා කියා සිටියේ මෙයින් උද්ගතවන ප්‍රතිඵල ගැන ජනතාවගේ වැටහීමක් නැති බවයි.

Related posts

2009 දී මා කී දේ ඇහුවානම් අද ආර්ථික අර්බුධයක් නෑ – අගමැති

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

Admin

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය

colombotoday