Colombo Today Local News

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

“පෝට්සිටි”යේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් හයක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පෝට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන අතර මූල්‍ය රෙගුලාසි මේ වන විට සකස් කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවට ගෙනවිත් ගැසට් කළ පසුව ආයෝජන කටයුතු අරඹන්නට සමාගම් වලට ඉඩ ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේය.

අදියර දෙකක් යටතේ පෝට්සිටි ව්‍යපෘතියේ කටයුතු අරඹන අතර පළමුවෙන් තාවකාලික ව්‍යාපාර ඉදිකරන බවත් ඉන් පසුව ප්‍රධාන ව්‍යාපාර පැමිණි පසු එම ව්‍යාපාර ඉවත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

නෙළුම් කුළුනේ ද කාමර සහ ගොඩනැගිලි බදු දීමේ කටයුතු සියයට හැත්තෑවක් අත්සන් මට්ටමේ තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රදර්ශන කටයුතු වලින් රුපියල් මිලියන 218 ක මුදලක් උපයා තිබෙන බව පැවසීය.

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයෙක් අද ට්‍රම්ප් හමුවෙයි !!

colombotoday

තිලංග අර්ජුණට පස් පඩංගුවේ බැන වදී.. හොරකම් එළිකරන බවත් කියයි.. වීඩියෝව මෙන්න

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday