Colombo Today Local News

බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා..!

අවුරුදු 2500 කට වැඩි ඉතිහාසයක්‌ ඇති සිංහල බෞද්ධ රටක්‌ ලෙස ලෝකයාම පිළිගන්නා ශ්‍රී ලංකාවේ, වර්තමානයේ බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වර්තමාන පාලකයන් කටයුතු කිරීම ගාලු දිස්‌ත්‍රික්‌ එක්‌සත් භික්‌ෂු සංවිධානය තරයේ හෙළා දකින බව දකුණු පළාත් ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමියෝ පෙරේදා (25 දා) ගාල්ල කච්චුවත්ත පුරාණ රජමහා විහාරස්‌ථානයේ පැවැති සංඝ සභාවේදී පැවසූහ.

මා මල්වතු පාර්ශ්වයේ සංඝ සභාවේ භික්‌ෂුන් වහන්සේ නමක්‌. අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක නාහිමිපාණන් වහන්සේ බුද්ධාගම බේරා ගැනීම සඳහා මේ අවස්‌ථාවේ ඉදිරිපත්වීම ගැන අපගේ බලවත් ප්‍රසාදය හිමි කරනවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේද අස්‌ගිරි පාර්ශ්වයේ ප්‍රකාශය අනුමත කර තිබුණා. මේ රටේ මහා සංඝරත්නය නිකාය භේදයකින් තොරව මේ අවස්‌ථාවේ දී බුද්ධාගම බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කරනවා.

දක්‌ෂිණ ලංකාවේ භික්‌ෂුන් වහන්සේගේ එකමුතුව බුද්ධාගම රැකගැනීම සඳහා කවදත් ජාතික ආපදා අවස්‌ථාවලදී පෙරමුණ ගෙන කටයුතු කළා. බුද්ධාගම බේරා ගැනීමට අපි හැමෝම ක්‍රියා කළ යුතුයි. සංඝයා වහන්සේ සමඟ උගත් බුද්ධිමත් ශාසන මාමක ගිහි ඇත්තෝ එකතුව කටයුතු කිරීම සඳහා ඉදිරිපත්වීම ගැන අපගේ කෘතඥතාව පළ කරනවා. වීරෝදාර මහා සංඝරත්නය මේ රටේ අනාගතය ගැන ද්‍රෝහී පුද්ගලයන් මේ රට විනාශ කරන්න උත්සාහ ගන්නවා නම් මහා නායක හාමුදුරුවන්ගේ අවධානය යොමුවිය යුතුයි. ලෝක පාලන දෙවියන්වහන්සේලා මේ රට බේරා දෙනවා. හතරවරම් දෙවියන්ගේ ආරක්‌ෂාව සිංහල බෞද්ධ ජනතාවට ලැබෙනවා.

Related posts

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

colombotoday