Colombo Today Local News

රටම හූරාකාපු සුද්දාවත් පංසලේ පිං කැටේට අත තිබ්බෙ නෑ.. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි!

රටම සූරා කාපු සුද්දාවත් පන්සලේ පිං කැටයට අත තිබ්බේ නැති බවත්, සාංඝික දේපළ වලට අත තැබීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ රටේ සංස්කෘතිය පිළිබඳ මෙලෝ අදහසක් නැති ආණ්ඩුවට තමන් අනතුරු ඇඟවීමක් කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට ආණ්ඩුව යෝජනා කළාම ඊට එරෙහිව මහ නායක හිමිවරුන් අතරින් මුලින්ම හඬ නැගුවේ අස්ගිරියේ මහ නායක හිමියන්. මුස්ලිම් අන්තවාදිගේ මන දොල පුරවමින් ඇතැම් දේශපාලකයින් හාමුදුරුවරුන්ට එරෙහිව පරිභව කරන්න පටන් ගත්තාම ඊට එරෙහිව මුලින්ම ප්‍රකාශයක් කළේ අස්ගිරි මහ නායක හිමියන්.

අස්ගිරිය පාර්ශවය මට්ටු නොකර දේශද්‍රෝහි වැඩපිළිවෙල ඉදිරියට ගෙනි යන්න බැරි බව දැන් ආණ්ඩුවට තේරිලා තිබෙනවා. ඒසඳහා අස්ගිරි මහ නායක සිවාමීන් වහන්සේ නිහඬ කළ යුතුයි. කියන දේ තේරුම් අරන් තියෙනවා. ඒ නිසා තමයි අස්ගිරි පාර්ශවයට අස්ගිරි පාර්ශවයේ මහ නායක ස්වාමීන් වහන්සේට රිදවන්න රංගිරි දඹුළු විහාරය ආණ්ඩුවට පවරා ගන්න හදන්නේ. ආණ්ඩුව සල්ලි නෑ කියලා පන්සලේ පිං කැටයත් හොරකම් කරනවා ද? බංකොලොත් ආණ්ඩුවක් තබා බංකොලොත් මිනිහෙකුවත් පිං කැටය හොරා කන්න හිතන්නේ නෑ.

අපි අකිල ඇමතිතුමාට අනතුරු අඟවනවා. සාංඝික දේපළ හොරා කෑවොත් බලු කපුටෝ වෙලා තමයි ඉපදෙන්නේ කියල අපේ පැරණි සාහිත්‍ය පත පොතේ සදහන් වෙනවා.

අගමැතිතුමාගේ මාමණ්ඩි ජනාධිපති ජේආර් ජයවර්ධන මහතා ලබුදූවේ සිරිධම්ම හිමියන් නිහඬ කිරීමේ අරමුණින් ගැටඹේ පන්සලට කටු කම්බි ගැහුව්වා. ඒත් ගැසට් ගහලා පන්සල පවරා ගත්තේ නෑ. මාමණ්ඩිත් නොකළ දෙයක් තමයි බෑනාගේ හොඳම ගෝලයා අකිල විරාජ් ඇමතිතුමා කරන්න හදන්නේ. මතක තියා ගන්න රටම සූරා කාපු සුද්දාවත් පන්සලේ පිං කැටයට අත තිබ්බේ නෑ. සාංඝික දේපළ වලට අත තිබ්බොත් ඒ මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව මේ රටේ සංස්කෘතිය පිළිබඳ මෙලෝ අදහසක් නැති ආණ්ඩුවට අපි අනතුරු අඟවනවා.

Related posts

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

colombotoday

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

එජාප සමුළුවට ආ ඉතිහාසගත ජන ගංගාව දැක, ගම්මන්පිලට, වීරවංශට තරු පෙනිලා

colombotoday