World

මක්කම මහ පල්ලිය නූලෙන් බේරෙයි.. පල්ලිය අසලදීම ත්‍රස්තවාදීයෙක් පුපුරවාගනී

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ පුද බිම වන මක්කම මහ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ “ත්‍රස්තවාදී ක්‍රියාවක්” වැලැක්වූ බව සවුදි අරාබිය පවසයි.

ආරක්ෂක හමුදා මරාගෙන මැරෙන ප්‍රහාරකයා රැඳී සිටි ගොඩනැගිල්ල වැට ලූ අවස්ථාවේ ඔහු සිය බෝම්බය පුපුරවා ගත් බවත් සවුදි අරාබියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

ඒ අවස්ථාවේ එම ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු එකොලොස් දෙනෙකු තුවාල ලබා තිබේ.

සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් බවට සැක කෙරෙන තවත් පස් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් බලධාරීහු පවසති.
රාමදාන් උපවාස සමය අවසන් කිරීමේ උත්සවය සඳහා දස ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් ජනතාව මක්කම පුද බිමට රොක් වී සිටියහ.

මෑත වර්ෂ කිහිපය තුළ සවුදි අරාබියට දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ අතර, එයින් බහුතරය තමන් විසින් එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය පිළිගෙන තිබේ.

ඒ අතරින් බොහෝ ප්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම් සුළුතර ප්‍රජාව සහ ආරක්ෂක හමුදා ඉලක්ක කරගනිමිනි.

BBC

Related posts

ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…

colombotoday

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

ආපසු යන්නැයි ලෙබනනය සරණාගතයන්ට කියයි

colombotoday

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

colombotoday

අගමැති සටනින් ඇල්බනිස්ට ජය!

Admin