Colombo Today Local NewsHot News

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

ජාතිවාදය ඇවිස්සෙන ආකාරයෙන් කටයුතු කරන දේශපාලකයන්ට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේ නිහඩ කිරීමට ආණ්ඩුව දරණ උත්සාහයට විරෝධය පල කරමින්, බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය මුහුණ දී සිටින අනතුරුදායක තත්ත්වය හමුවේ ආණ්ඩුවේ වගකීම් විරහිත හැසිරීම සම්බන්ධයෙන් කරුණු අටක් යටතේ දැඩි ලෙස අනුශාසනා කරමින් අස්ගිරි මහා නාහිමියන් විසින් නිවේදනයක් නිකුත් කිරීමත් සමග ආණ්ඩුවේ ඉහළ තැන් දැඩි ලෙස කලබලයට හා අසීරුතාවයට පත්ව සිටින බවට අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

මෙය ආණ්ඩුවට දල්වන කොළ එළියක් බවත්, අදාල නිවේදනයේ කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය පිළියම් නොගතහොත් රතු එළි දැල්වීමට සිදු වන බවත් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අස්ගිරි මහා සංඝ සභාව ප්‍රකාශ කර තිබුණේ, මෑත කාලීනව මහා සංඝරත්නයෙන් ආණ්ඩුවකට එල්ල වූ ප්‍රබලම අනතුරු ඇගවීම සිදු කරමින්.

කෙසේ වෙතත් මහා නාහිමියන්ගේ නිවේදනයේ කරුණු පිළිබදව අවධානය යොමු කරනවා වෙනුවට, ආණ්ඩුවට එල්ල වූ දැඩි අපවාදයෙන් ගැලවීම සදහා ආණ්ඩු හිතවාදී භික්ෂූන් යොදාගෙන මහා නාහිමිගේ නිවේදනය හෑල්ලුවට ලක් කරමින් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පුවත් පල කරමින් සිටී. මෙරට දේශපාලනය මෙහෙයවීම හා අනුශාසනා කිරීම සදහා වූ භික්ෂූන් වහන්සේ සතු ඓතිහාසික භූමිකාව අමතක කරමින් ආණ්ඩුවේ මැති ඇමතීන් ද මහා නාමියන්ගේ ප්‍රකාශය විවේචනය කරමින් මාධ්‍ය ඔස්සේ අදහස් පලකර තිබුණු අතර, මේ හේතුවෙන් ත්‍රෛනිකායික සංඝ සභාවල නායක හිමිවරුන්ද ආණ්ඩුව කෙරේ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවද වාර්තා වේ.

මේ අතර අස්ගිරි පාර්ශවයෙන් නිකුත් වූ නිවේදනයට සමගාමීව අනිකුත් නිකායවලින් ද නිවේදන නිකුත් වීම වළක්වා ගැනීම සදහා ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් පසුගිය දින කිහිපය පුරා දැඩි උත්සාහක් ගෙන තිබුණු අතර, සංඝ සභාවල ඉහළපෙලේ භික්ෂූන් වහන්සේලාට දුරකථන ඇමතුම් ලබා දෙමින් ප්‍රකාශයක් නිකුත් කිරීම වැළැක්වීමට බලපෑම් කර ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් අස්ගිරි පාර්ශවයේ නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව සුදුසු ප්‍රතිචාර නොදක්වනවානම්, ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටත්, ඉන්පසුව ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද ආරංචි මාර්ග පවසයි.

 

Related posts

දේශපාලන කුණාටුව අස්සේ ඇමරිකානු නාවික හමුදාව ලංකාවට…. නාවික කදවුරක් ඇරඹීමට සූදානම්

colombotoday

ජොන්ස්ටන්ට එරෙහිව පැවති නඩුව යලි විභාගයට ගන්න – නගානන්ද කොඩිතුවක්කු

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

Admin

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

ඉතිහාසයේ මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනක් කරපු දේ…

colombotoday