Colombo Today Local News

දේශපාලන හස්ථයන්ගෙන් මෙහෙයවන සරසවි සිසුන්ට මා දොස් කියන්නේ නෑ – ජනපති

අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන කුමන්ත්‍රණවලට තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවකුට ‍දොස් නඟන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

රජයේ විශ්විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කර නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්වීමට උත්සාහ දරන බවද ජනාධිපතිවරයා පැවසුවේ ඊයේ (22දා) පොළොන්නරුව ලංකාපුර මහා විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් වුවද රජය පිළිගන්නා ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිමය තීන්දුවකට රජය එළැඹ ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධන රැසක් සිදු කිරීමට රජය පියවර ගත් බවත් සඳහන් කළේය.

Related posts

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කරයි

colombotoday

වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවට

colombotoday

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

Admin

චීනයට ගිය අගමැති චීන එක්සිම් බැංකුවේ සභාපති හමුවෙයි !

colombotoday

මාස හයක් සදහා පෞද්ගලික සමාගම් තුනකින් විදුලිය මිළදී ගැනීමට තීරණය කරයි…

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday