Colombo Today Local News

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ සමාව ඉල්ලා සිටියේය.

තමන් ගැන උන් වහන්සේලාගේ කළකිරීමක් ඇත්නම් ඒ ගැන කනගාටුව පළකරමින්ම සමාව ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කීවේය.

අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව රැස්වී ඊයේ (21) කර ඇති විශේෂ ප‍්‍රකාශයේ ඇතැම් කරුණු තමන්ට එල්ල කර ඇති බවක් පෙනී යන බැවින් මෙසේ සමාව ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.

ඥානසාර හිමියන්ගේ මතවාදවලට තමා එකග වන  බවත් එය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බවත් රට තුළ ඇති වු බොහෝ ගැටුම්කාරී අවස්ථාවන්හීදි ‍උන්වහන්සේ හැසිරීම දැඩි බලපෑමක් එල්ල කළ බවත් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සමාජ සවිබල තැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍යංශයේ අද(21) පැවැති මාධ්‍ය හමුවක දීය.

Related posts

රිකිල්ලගස්කඩ මූලික රෝහල වසා දමයි – වෛද්‍යවරයෙකුට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

colombotoday

එස්.බී. ගේ – විමල්ගේ “අශූචි” සටන තවත් උණුසුම් වේ.. (Video)

colombotoday

මහින්ද සමග නැගිටින්න හැදූ 4ක් ආණ්ඩුවට… ඇමති ධූරත් සූදානම් !

colombotoday

නව එජාප මහලේකම් තලතා අතුකෝරළ?

Admin

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නෑ… එංගලන්තෙත් ඔහොම දේවල් වෙනවා – නෙස්බි සාමි

colombotoday