Colombo Today Local News

යතුරු පැදියෙන් ඇවිත්, පාරේ ගිය පාසැල් දැරියකට එන්නතක් විද පලා ගිහින් (Video)

කන්තලේ පේරමඩුව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී ඊට නුදුරින් පිහිටි නිවෙසට යමින් සිටි දස හැවිරිදි පාසල් දැරියකට පෙරේදා (17දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිරින්ජරයකින් එන්නතක් විද පලා යෑම සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යතුරුපැදියේ පැමිණි දෙදෙනා දැරියගේ පිටුපසින් දකුණු අතේ බාහුවට මෙම එන්නත විද ඇතැයි පොලිසිය පවසයි.

මේ සිදුවීම නිවැසියන්ට දැන්වීමෙන් පසුව එම දැරිය කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබේ.

දැරිය සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතාගේ උපදෙස් මත අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

[fbvideo link=”https://www.facebook.com/hirunews/videos/1340797559351666/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කුඩු සලිඳු අතුරුදහන්

Admin

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday