තමන් පොළොන්නරුවේ සිට කොළඹ බලා හෙළිකොප්ටරයෙන් පැමිණෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන දුටු බවත්, යාර 100කට වඩා එහි සෙනග නොසිටි බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මාධ්‍ය ඔස්සේ විශාල සෙනගක් දැකගැනීමට හැකිවූ බව මාධ්‍යවේදියකු එහිදී ඇමැතිවරයාගෙන් විමසූ විට ඔහු කීවේ ඡායාරූප සෑදීමට ක්‍රම සහ විධි තිබෙන බවයි.
කිරිඇල්ල මහතා මේ බව කීයේ ඊයේ සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදීය.