Colombo Today Local News

Colombotoday නම යොදාගෙන කරන මඩ ප්‍රචාර තරයේ හෙළා දකිමු !

අප වෙබ් අඩවියේ ලාංඡනය සහ නම භාවිතා කරමින් කිසියම් පිරිසක් විසින් වෙනත් පුද්ගලයන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමේ නිරතව සිටී. අප වෙබ් අඩවියේ පළ කරන ආකාරයෙන් නිර්මාණය කල එවැනි පෝස්ටර කිහිපයක් මේ වන විට සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතින බවට අප පාඨයන් විසින් අපව දැනුවත් කර ඇත.

“සියල්ලට ප්‍රථම, රට, ජාතිය, ආගම“ යන ප්‍රතිපත්තිය මුල් තැන තබමින් මාධ්‍යකරණයේ නිරතව සිටින අප මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන පවා වාර්තා කිරීමට මැලිවන ඇතැම් සිදුවීම් ජාතික යුතුකමක් සේ සලකමින්, පෞද්ගලිකව අපට එල්ලවන අවදානමද නොතකා රට හමුවේ තැබීමට කටයුතු කර ඇත. ඒ බව අප සමග රැදී සිටි පාඨකයක් හොදින්ම දනී.

අපගේ මාධ්‍ය මෙහෙවර එසේ වෙත්දී, අප හදුනාගත් පරිදි, රට සහ රණවිරුවන් මත්තේ නැහෙනවායැයි පවසන දේශපාලන කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් තම පෞද්ගලික සහ දේශපාලනික අරමුණු වෙනුවෙන් මඩ ප්‍රහාර එල්ල කිරීම සදහා අප වෙබ් අඩවියේ අනන්‍යතාවය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි කණගාටුව පළකර සිටිමු.

Related posts

ඇරන්දිකගේ පුතා ඇතුලු නමයකට ඇප

colombotoday

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

ඉහළ යන අවන්හල් ආහාර

Admin

කිලිනොච්චියේ පිපිරීමක් කාන්තාවකට බරපතල තුවාල

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday