Colombo Today Local News

ඉහළ යන අවන්හල් ආහාර

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය හමුවකදී පවසයි.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව,
ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්,
කිරි තේ එකක මිල රුපියල් 10කින්,
කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්,
ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින්

ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

යම්කිසි ආකාරයකින් රජය පරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

17ක් රෝහලට යැවූ අනතුර නිසා ඩුප්ලිකේෂන් පාර වැසේ

Admin

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

colombotoday

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි.

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday