මූල්‍ය ගනුදෙනු හරහා සිදු කළා යැයි කියන වංචනික කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඊයේ (14දා) පැය අටහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පෙරවරු 9.00 සිට පස්වරු 5.30 දක්වා ඔහුගෙන් මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
උතුරු – නැඟෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන ගිය කේබල් රූපවාහිනි ආයතනයක් සම්බන්ධ ගනුදෙණුවකට අදාල චෝදනා මත මෙම ප්‍රකාශය ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.