Colombo Today Local News

අන්තර්ජාලය හරහා ජනපතිට දුක කියන්න අවස්ථාවක් !

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමක් කරමින් මහජන ගැටලු දුක්ගැනවිලි, අදහස් හා යෝජනා ජනාධිපතිවරයා වෙත කාර්ක්‍ෂමව හා සරලව ඉදිරිපත් කිරීමටත් ඊට කඩිනම් ඵලදායි විසඳුම් ලබා දීමටත් පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය මඟින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම පෙරේදා සිදුවිය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය.

මහජනතාවට 1919 දුරකතන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව “ජනපතිට කියන්න” වැඩසටහන හරහා ලබා දී තිබේ.

ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරීක්‍ෂා කෙරෙන අතර එහිදී එම පැමිණිලි හා දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.

ඉහත සියලු කටයුතු නව තාක්‍ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතියක් හරහා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වේ.

Related posts

පාස්කු ඝාතක ඊබ්‍රහිම් සොහොයුරන්ගේ පියා වන, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රහිම්ට ඇප.

colombotoday

තර්ජණයට පත් උතුරේ සිංහල වැසියන්ගෙන් ජනපතිට ඉල්ලීම් 8ක් !

colombotoday

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

colombotoday

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

colombotoday

බ්‍රිතාන්‍ය සතු සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණය කෙරේ

Admin

ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කීවේ ඇයි ? අස්ගිරි අනුනාහිමියෝ පැහැදිලි කරති

colombotoday