Business

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

2017 ජනවාරි මාසයේ දී මෙරට ලියාපදිංචි කර ඇති මෝටර් කාර් ප්‍රමාණය 3,101 ක් බවත් එය 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කරන ලද මුළු කාර් ප්‍රමාණය වන 3,487 හා සැසඳීමේ දී සියයට 11 ක පහළ යාමක් බවත් වාර්තා වේ. JB Securities විසින් සිදුකරන ලද අධ්‍යයනයක දී මේ බව අනාවරණය වී ඇත.

මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ ලියාපදිංචි කර ඇති සමස්ත මෝටර් රථ ප්‍රමාණය වන 45,218 හා සැසඳීමේ දී ජනවාරි මාසය තුළ කර ඇති වාහන ලියාපදිංචිය 42,443 ක් ලෙසින් සඳහන් වේ. මෙය සියයට 6 ක පහළ යාමකි.

මෙලෙස ලියාපදිංචි කර ඇති වාහනවලින් ඒකක 31,158 ක්ම සමන්විත වී ඇත්තේ යතුරුපැදි වලිනි.

මේ අතර 2017 ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවීල් රථ ප්‍රමාණය 3,327 ක් වන අතර 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවිල් ප්‍රමාණය වූ 6,057 හා සැසඳීමේ දී සියයට 45 ක පහළ යාමකි.

2017 අයවැය යෝජනාවලට අනුව මෝටර් රථ වාහන සඳහා මූල්‍යකරණයේ දී සීමාවන් පැනවීම හේතුවෙන් මෙලෙස ඇතැම් වාහන කාණ්ඩවල ලියාපදිංචියෙහි විශාල පහත යාමක් වාර්තා වී තිබෙන බව අධ්‍යයනය සිදුකරනු ලැබූ JB Securities ආයතනය සඳහන් කර සිටී.

නව මෝටර් කාර් රථ සඳහා වන අගය මත ණය සීමාව (LTV) කාර් සඳහා 50% ක් හා ත්‍රීවිල් රථ සඳහා 25% ක් දක්වා එහිදී සීමා පැනවිණි.

Related posts

Job numbers show tremendous growth in state’s travel industry

colombotoday

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

ජපන් වාහන අරන් හමාරයි – Prius ලක්ෂ 11.20 කින් Aqua ලක්ෂ 7.70 කින් ඉහලට

colombotoday

සම්මත කෙරුණු අලුත් බදු පනවන දිනය මෙන්න

Admin

ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ දුක හිතෙන කතාව

colombotoday

ෆැෂන් බග් ‘එත්නික් ෆියුෂන්’ නව සාරි අලෙවිසැල් රෝසි සේනානායක අතින් 30 වනදා විවෘත වේ

colombotoday