Colombo Today Local News

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !

අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හතරක් විසින් ලූහු බදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවක විසින් යයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන, හිටපු ඇමති තිස්ස විතාරණ මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙරට ජාතිවාදය අවුස්සන්නේ බොදු බල සේනාව බවත්, මෙරට සුළු ජාතීන්ට හිරිහැර සිදුවන බව කතෝලික සභාව සහ මුස්ලිම් ආගමික නායකයින් ප්‍රකාශ කර ඇති බවද හෙතෙම පැවසීය.

ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදි ඇමති විජයදාස රාජපක්ෂ විසින් යැයි එජාප හිතවාදී  පාර්ශව විසින් පසුගිය දිනවලදී ප්‍රචාරය කර තිබිණි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1464568306914776/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නාමල් කුමාරගේට එරෙහිව නියෝජ්‍ය ඇමතිගෙන් පැමිණිල්ලක්.. අත්අඩංගුවට ගන්න ඉල්ලයි..

colombotoday

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් ජනතාවට සෞදියෙන් තෑග්ගක්…

colombotoday

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

colombotoday

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

Admin

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday