Colombo Today Local NewsTop Stories

පුත්තලමෙ තබ්ලික් ජමාත් ආසාධිතයා තොරතුරු නොදෙයි. ඇසුරු කළ පිරිස් පලා යයි. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක්

පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 ‍දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඉන්දුනිදියාවේ තබ්ලික් ජමාත් ආගමික කටයුතු සදහා සහභාගි වි නැවත පසුගිය මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමින සිටි 61 හැවිරිදි තැනැත්තා තවත් පිරිසක් සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවු මෙම පිරිස මේ වන විටත් සැගවි සිටිමත් සමග මොවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .

ඉන්දුනිසියා ආගමික කටයුතු වලට සහභාගි වු බව පවසන මෙම තැනැත්තා සෞඛ්‍ය අංශ සොයා ගැනිමේන් පසුව 21 දින ඔහුගේ නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාදිතයකු බවට සනාථ කර තිබිණි.

කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයා තොරතුරු වසන් කිරිම හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් දැඩි උත්සහයකින් පසුව මොහු ඇසුරු කළ හා මොහු සමග මන්නාරම අවමංගල්‍යයට සහභාගි පිරිස් ‍හදුනා ගෙන තිබුනද මොහු රැදි සිටි ස්ථාන වලින් පලා ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වෙතත් මෙම පිරිස සොයා ගැනිම අද (9) දවස තුළ සිදුකරන බව ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

colombotoday

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

colombotoday

විධායකය අහෝසියට මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ…

colombotoday

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

colombotoday