ඌරගස්මංහන්දිය තේවත්ත හන්දිය ප්රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ (02)දින රාත්රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් පළාගොස් ඇත.
මෙලස මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරගස්මංහන්දිය පොලීසිය විමර්ශන සිදුකරයි.