Colombo Today Local News

අත්අඩංගුවට ගත් බුද්ධි අංශයේ කොමාන්ඩර් රණසිංහ මරාගෙන මැරෙන ඇදුම් සහ බෝම්බ 51ක් සොයා ගත්තෙක්

ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නාවික හමුදා බුද්ධි අංශ පිලිබදව විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරමින් සදහන් කර සිටියේ,

“අත්අඩංගුවට ගන්න රණසිංහ කියන්නේ කවුද? 2001 මැයි 23 කන්තලේ ගංතලාව බෝම්බයකට හසුවුණු නාවික හමුදා කණ්ඩායමේ දහඅටෙන් දහහතක්ම මැරුණා. රණසිංහත් මැරුණා කියලා හිතුවේ. නමුත් දැන් ඔහු 60%ක් ආබාධිතයි. ඔහු ආබාධිත වුණත් රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීම අත්හැරියේ නෑ. ඊට පසු 51 වතාවක් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ බෝම්බ සොයා ගෙන තිබෙනවා. නාවික හමුදා ඉතිහාසයේ, ක්ෂේත්‍රයේ දැක්වූ දක්ෂතාවන්ට උසස්වීම් ලැබිලා තියෙන්නේ. නවදෙනෙකුට පමණයි. ඔහු එයින් කෙනෙක්. මේ ආණ්ඩුව විසින් නිදහස් කළ අය අතරේ ත්‍රිකුණාමලයෙ සිට කොළඹට බෝම්බ ලොරියක් පදවාගෙන ආ කොටි ත්‍රස්තයා ඉන්නවා. ඔහුව අත්අඩංගුවට ගත්තේ කොමාන්ඩර් රණසිංහ. ඔහු අපූරු දේශප්‍රේමියෙක්.”

“මේ සතියේ තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා බවට රහස් පොලිසියෙන්ම අපට තොරතුරු ලැබෙනවා. ඒ ලුතිනන් කොමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ කේ. ජී. එන්. ජී. වික්‍රමසූරිය යන අය. රවිරාජ් ඝාතනයටත්, ප්‍රසාද්ව අත්අඩංගුවට ගත්තා. මේ වගේම කරන්නාගොඩ සහ ගෝඨාභයගේ උපදෙස් මත ඝාතනය සිදු කළ බව කියන මෙන් ඔවුන්ට බල කළා. එය නොකළ නිසා වසරකට අධික කාලයක් අත්අඩංගුවේ ඉඳලා අවසානයේදී අධිකරණය විසින් නි‍ෙදාස්කොට නිදහස් කළා”.

Related posts

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday

“ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න..” ආණ්ඩු පක්ෂය කතානායකගෙන් ඉල්ලයි

Admin

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම නිළ වශයෙන් පිළිගනී.. ජන සංගණනයකුත් අරඹයි.. ශ්‍රී ලංකා රජය නිහඩයි !

colombotoday

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

colombotoday