Colombo Today Local News

ICC යෙන් දෙන ඉහළම සම්මානය මුරලිට !

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිඳුම් ලැබුවේය.

ඒ, ඊයේ පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඉන්දු – ශ්‍රී ලංකා තරගය අතරතුරදී ය.

ඒ අනුව ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිඳුම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් ඉතිහාසයට එක්විය.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා ද වේ.

මීට අමතරව මුරලිදරන් එක්දින ක්‍රිකට් තරගවලදී කඩුලු 534ක් දවා ගෙන තිබේ.

පන්දුවාර 20යි 20 තරගවලදී ලබාගෙන ඇති කඩුලු ගණන 13කි.

ඒ අනුව ඔහු ජාත්‍යන්තර පිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 තරගවලදී බිඳදමා ඇති මුළු කඩුලු ගණන 1,347කි.

දඟ පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට සේවයක් ඉටු කළ මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වසර 19ක් සිය දායකත්වය ලබා දුන්නේය.

ලෝක ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර විස්තර විචාරකයින් මුත්තයියා මුරලිදරන්ව හඳුන්වනු ලැබේ.

Related posts

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

පොහොට්ටුවේ ඇමැති ධුර දහය ගන්න හතළිහක් පෝලිමේ

colombotoday

ලංකාව අපට අතිශයින් වැදගත් උපායමාර්ගික කෙන්ද්‍රස්ථානයක් – ඇමරිකානු නාවික අද්මිරාල්

colombotoday

ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාව

colombotoday

ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්

colombotoday