World

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

බ්‍රිතාන්‍යෙයේ ඉස්ලාමීය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා දැනට ක්‍රියාත්මක වන මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීමට සූදානම් බවත්, ඒ සදහා අවශ්‍යනම් දැනට තිබෙන නීති සංශෝධනය කිරීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය පවසයි.

බ්‍රිතාන්‍යට පිට පිට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය යේ සිදුවන ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තව දුරටත් ඉවසිය නොහැකි බවද අගමැතිනිය සදහන් කර ඇත.

අගමැතිනිය තව දුරටත් සදහන් කර ඇත්තේ ජූනි 8 වෙනිදා පැවත්වෙන මැතිවරණය අවසන් වූ දින දෙකක් තුල වහාම අදාළ නීති සංශෝධනය කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවයි.

බ්‍රිතාන්‍යයේ මැතිවරණයට ඇත්තේ තව දින දෙකකි. එනම් මේ මස 8 වෙනිදා මහා මැතිවරණය පැවත්වේ.මැතිවරණය ආසන්නව සුප්‍රසිද්ධ ලන්ඩන් බිජ් අසල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මෑතකදී එක පිට සිදු වු තෙවෙනි ප්‍රහාරයයි. මෙය බ්‍රිතාන්‍යයේ ජීවත්වන සංක්‍රමණික මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට පැහැදිලිවම සාක්ෂි ලැබි ඇතයි බ්‍රිතාන්‍යය පොලිසිය පවසයි.

එහෙත් එංගලන්තය වැසියන් පවසන්නේ මෙය අගමැතිවරියගේ දේශපාලන උපක්‍රමයක් බවත් ඒ හරහා ඇයගේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට හදන බවයි.

බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වසරක ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව එසේ කියද්දි වසර 30 ක් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හැදින්වු දෙමළ කොටි ත්‍රස්තවාදීන් මර්දනය කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍යය ඇමරිකාව ඇතුළු රටවල් ශ්‍රීලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය කල බව සඳහන් කරන අතර අපේ රටේ ත්‍රස්තවාදී මර්ධන පනත වහාම අකුලා ගෑනිමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රීලංකාවේ ආණ්ඩුවට ලබා දීම මොනතරම් ජුගුප්සාව උපදවන ක්‍රියාවක් ද?

Related posts

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ආනයනය කළ කුකුල් මස් සහ ඉස්සන් මත තිබි කොරෝනා වෛරසය හමුවූ බව චීන බලධාරින් කියයි

colombotoday

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

Admin

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday