extremism & terrorism activitiesWorld

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

ඊයේ (06) සවස ප්‍රංශයේ පැරිස් නුවර සංචාරකයන් ගැවසෙන නෝත්‍රදාම් පල්ලිය අසල මාර්ගයේ රාජකාරියේ දී සිටි පොලිස් නිලධාරියෙකුට මිටියකින් පහර දුන් පුද්ගලයෙකුට පොලිස් වෙඩි ප්‍රහාරය එල්ල විය. තුවාල ලත් පුද්ගලයා අත් අඩංගුවට ගැනිණි .

ආරක්ෂාව පතා ඒ ප්‍රදේශයේ සිටි ජනතාව ඓතිහාසික නෝත්‍ර දාම් පල්ලිය තුලට ගාල් කල පොලිසිය ඉන් පිටවීමට හෝ ඇතුල් වීමට කිසිවෙකුට තහනම් කරන ලදී . පොලිස් සයිරන් හඬ නිසා භීතියට පත් ජනතාව හිස් ලු ලූ ඇත දිව යනු දැකිය හැකි විය .

දැන් යුරෝපයේ ප්‍රධාන නගර සියල්ල ත්‍රස්තවාදය විසින් භීතියට පත් කර ඇති අතර පසු ගිය කාලයේ සිරියානු හා ඇෆ්ඝන් අනාථයන්ට දේශ සීමා විවර කිරීම මගින් ලක්ෂ ගණනක් වූ අනාථයන් සමග පැමිණි අල් කයිඩා ජිහාඩ් සහ isis ත්‍රස්තවාදීන් තම මෙහෙයුම් අරඹා ඇත .

කලකට පෙර ශ්‍රීලංකාව වැනි රටවල ත්‍රස්තවාදය පවතී සමයේ , ත්‍රස්තවාදීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි යුරෝපය වැඩි කල් නොගොස් ත්‍රස්තවාදයේ අණිටු පල විපාක වලට මුහුණ දීම දෛවයේ සරදමකි

01

 

Related posts

රුසියාව “බලශක්ති ත්‍රස්තවාදයට”යොමු වන බවට යුක්‍රේන ජනාධිපතිගෙන් චෝදනාවක්

Admin

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday

නව තාක්ෂණය නිර්මාණශීලී වන අයුරු රොබෝ යුවතියක් පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday