Colombo Today Local News

ලන්ඩන් ප්‍රහාරයේ ත්‍රස්තයන් හෙළිවෙයි.. එක් අයෙක් පාකිස්ථානුවෙක්.. ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

පසුගියදා ලන්ඩන්වලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් දෙදෙනෙකුගේ තොරතුරු ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙකු පකිස්ථානයේ උපත ලැබූ 27 හැවිරිදි බුරාම් බට් වන අතර ඔහු නැගෙනහිර ලන්ඩනයේ බාර්කින්හී ජීවත්වන බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.ඔහු පිළිබද මීට පෙරද එරට පොලිසියේ සහ බුද්ධි අංශ අවධානය යොමුවී තිබුණද මේ ආකාරයට අන්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ වලට කිසිදු තොරතුරක් ප්‍රහාරයට පෙර වාර්තාවී නෑ.

අනෙක් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වයසැති ලිබියානු සම්භවයක් ඇති රෂිඩ් රොඩොවුන්ය.ඔහුද නැගෙනහිර ලන්ඩනයේ බර්කින් ප්‍රදේශයේ ජීවත් වූවෙක්.

තමන් පදවාගෙන ආ වෑන් රථයෙන්ම පුද්ගලයින් යට කරමින් පිහි ඇණුම් සිදු කරමින් ම්ලේච්ඡ ලෙස පුද්ගලයින් ඝාතනය කල මෙම දෙදෙනා සහ තවත් ජිහාඩ් ත්‍රස්තයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුවද ඒ වන විටත් ඔවුන් සාමාන්‍ය නිරායුධ වැසියන් 07 ක් මරු තුරුලට යවා 48 දෙනෙකුට තුවාල සිදු කර අවසන්.

ත්‍රස්තවාදින් පැමිණි රථය කුලී පදනම යටතේ ලබා ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වනවා. මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමිය ත්‍රස්තයන් විසින් භාර ගෙන තිබෙනවා.

Related posts

මට සහය දුන් JVP එකට හා TNA එකට ස්තුතියි…

colombotoday

විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දෙන්නේ නෑ! – මහජන උපයෝගීතා කොමිසම කියයි

Admin

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin