Colombo Today Local Newsextremism & terrorism activitiesHot News

සිංහල බෞද්ධයන්ට එක නීතියක්, සුළු ජාතික අන්තවාදීන්ට තව නීතියක්.. මේකද සංහිදියාව ??

නීතිය කාටයි එක ලෙස ක්‍රියාත්මක කරන බව පැවසූවත් වත්මන් රජයේ සංහිදියා වැඩපිළිවෙල යටතේ සිංහල බෞද්ධයන්ට, සහ සුළු ජාතික ජනවර්ගයන්ට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙමින් පවතින බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසයි.

උන් වහන්සේ මේ බව සදහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හඩ නැගුවේ පෞද්ගලික ප්‍රශ්නයක් අරඹයා නොවන බවත්, උන්වන්සේ පෙන්වා දුන්, බෞද්ධයන්ට එරෙහිව සිදුවන අන්තවාදී ක්‍රියාකාරකම් ගැන කිසිදු අවධානයක් යොමු නොකරන රජයෙ බලධාරීන්, සුළු ජාතික දේශපාලනඥයන් සන්තර්පණය කිරීම සදහා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවත් නාහිමියෝ සදහන් කර සිටියහ.

ඥාණසාර හිමියන්ට නීතිය ක්‍රියාත්මක වනවානම්, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ංඝණය කරමින් බෙදුම්වාදී, ජාතිවාදී ප්‍රකාශ කරන විග්නේෂ්වරන්, ශිවාජිලිංගම් වැනි අයටත් නීතිය එකලෙස ක්‍රියාත්මක විය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියහ. එසේ නොමැතිව බුද්ධ චීවරයට පමණක් අත තැබීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනවානම් රට තුළ කැළඹිලිසහගත තත්ත්වයක් උද්ගත වන බවත් ධම්මානන්නද හිමියන් පෙන්වා දුන්හ.

මැදගම ධම්මානන්ද හිමියන්ගේ ප්‍රකාශය – පහත වීඩියෝවේ විනාඩි 12.30 සිට

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1459727954047227/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දවස් 4කින් 113 පෙන්වනවා… පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් එක ආපසු කැදවනවා..

colombotoday

“මහින්ද එලවා මෛත්‍රී – රනිල් ගෙන ඒම ගැන ඉන්දීය රජය සතුටින්“ – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

colombotoday

පසුගිය අරගල සමයේදී සිදුවූ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලිය යුතුයි – විමල් වීරවංශ

Admin

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin