World

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

ත්‍රස්තවාදයට උදවු සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට අද (5) තීරණය කළේය.

ලොව පැරැණිතම ඉස්ලාමීය ව්‍යාපාරය වන ‘මුස්ලිම් සහෝදරත්වයට’ කටාරය සහාය දෙන බව සඳහන් කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් මෙම සාමූහික තීරණය ගෙන තිබේ.

අදාළ රටවල් හතර කටාරය සමඟ තිබෙන සියලු ප්‍රවාහන සබඳතා නවතා දැමීමට තීරණය කර ඇති අතර අදාළ රටවල සිටින කටාර් සංචාරකයන්ට සහ සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල පදිංචි වී සිටින කටාර් ජාතිකයන්ට අදාළ රටවලින් පිටවීමට සති දෙකක කාලයක් දී තිබේ.

කටාරය කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උපකාර කරන බවට චෝදනා කරන සෞදි අරාබිය කටාර් රාජ්‍ය එරට රජයට අයත් චන්ද්‍රිකා රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රචණ්ඩකාරී මූලධර්මවාදී මතවාද ප්‍රචාරණය කරන බවටත් චෝදනා කර තිබේ.

“කටාරය අයි.එස් ත්‍රස්තවාදීන්ට, අල් කයිඩාවට සහ මුස්ලිම් සහෝදරත්වය ආදී ත්‍රස්ත සංවිධානවලට ආධාර සපයනවා, උපකාර කරනවා. ඔවුන් ඔවුන්ගේ මාධ්‍ය හරහා මූලධර්මවාදී අදහස් ප්‍රචාරය කරනවා” යැයි සෞදියේ රාජ්‍යය රූපවාහිනි පුවත් සේවය වන ‘එස්.පී.ඒ’ නිවේදනය කළේය.

එමෙන්ම කටාරය ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට ද සහාය දක්වන බවට චෝදනා කර ඇත.

කටාරය මේ නිවේදන හෝ ප්‍රකාශ හෝ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රකාශයක් නිල වශයෙන් කර නොතිබිණි.

Related posts

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

අවුන් සාන් සුකීගේ ජාතික ලීගයේ මූලස්ථානය හමුදාව විනාශ කරයි

colombotoday

චාරිත්‍රානුකූලව නගරාධිපතිවරයකු කිඹුලියක සමග විවාහ වෙයි.

colombotoday

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday