Colombo Today Local News

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

පසුගිය සමයේ නියං අධාර ලෙස උතුරු මැද පළාතේ ප්‍රදේශ කිහිපයක බෙදා දුන් පාකිස්ථානයෙන් ගෙන්වන ලද සහල් ප්ලාස්ටික් මිශ්‍ර කර නිපදවන ලද ඒවා බවට දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

මෙම සහල් වර්ගය පිසීමෙන් පසු සාමාන්‍ය සහල්වලට වඩා ඇලෙස සුළු ගතියකින් යුතු වන අතර, ගුලි කිරීමෙන් පසුව රබර් බෝලයක් මෙන් සවිවන බවයි එම වීඩියෝවේ දැක්වෙන්නේ.

වෙළද පොලේ විකිණීමට තිබියදී ප්ලාස්ටික් සහල් හමුවූ බවට පසුගිය සමයේ රටවල් කිහිපයකින් වාර්තා වූ බවට ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබුණු අතර, ශ්‍රී ලංකාවේදී ප්ලාස්ටික් සහල් වර්ගයක් හමුවූ බවට මෙතෙන් නිල වශයෙන් වාර්තා වී නැහැ. සහනාධාර ලෙස බෙදාදුන් සහල් තොග අතර ප්ලාස්ටික් සහල් ඇති බවට ආසන්න දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේද කතා බහට ලක්ව තිබුණා.

කෙසේ වෙතත් මේ පිළිබදව ජනතාවට අතර මතුවන සැකය දුරු කිරීම සදහා රජය මැදිහත් විය යුතු අතර, මෙම සහල් තොග පරීක්ෂාකර හැකි ඉක්මනින් එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කළ යුතුව තිබෙනවා.

සහනාධාරවල ප්ලාස්ටික් සහල්  – වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/100007397565129/videos/1897406717182562/” width=”500″ height=”400″ onlyvideo=”1″]

ප්ලාස්ටික් සහල් හදුනාගන්නේ මෙහෙමයි

Related posts

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

විහාර දේවාලගම් පණත සංශෝධනයට අපෙනුත් උපදෙස් ගන්න – දේවාල භාරකරුවෝ

colombotoday

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

colombotoday

ආයෝජකයන් විශාල උනන්දුවකින්

Admin

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න : දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි

colombotoday