Colombo Today Local News

‘රත්නපුරේට මහ ගංවතුරක්‘ අනාවැකිය කීවේ දෙමසකට කලින්.. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් මහ ව්‍යසනයක් වළකාගැනීමට නොහැකිවුණේ මෙහෙමයි

රත්නපුරයට මහ ගංවතුරක් එන බවට මීට මාස දෙකකට පෙර අනාවැකි පළවී තිබෙනවා. එය 70%ක් පමණ තහවුරු වී ඇති බවට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එක් පුද්ගලයෙක් අනාවරණය කර තිබෙනවා.

වසර 143ක දත්ත වාර්තා පරික්ෂා කරමින් කළ අධ්‍යයනයක් පිළිබඳ එලෙස කරුණු වාර්තා කර ඇත්තේ රත්නපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු අනුර සමරතුංග මහතායි.

වාරිමාර්ග අධ්‍යක්ෂවරයෙක් වන එස්.එම්. ප්‍රේමසිරි මහතා කළ අධ්‍යයනයක් තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි සමරතුංග මහතා මෙම අනාවැකිය ප්‍රකාශ කර තිබෙන්නේ. එහිදී ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට වර්ෂාව ලැබෙන ජනප්‍රවාද පිළිබඳවද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එමෙන්ම පැවති කාලගුණයද ඔහුගේ නිරීක්ෂණයට ලක් වුණා.

ඒ අනුව දත්ත මත පදනම් වෙමින් එදින හමුවට පැමිණි දේශපාලන බල අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද ඔහු දැනුවත් කර තිබෙනවා. ඔහු එහිදී අවධාරණය කර තිබෙන්නේ අනිවාර්යෙන්ම ගංවතුර එන බවත්, ඒ පිළිබදව බිම් මට්ටමේ ජනතාව දැනුවත් කර අවශ්‍ය පියවර ගත යුතු බවයි.

අවාසනාවට බලධාරීන් ඒ පිළිබදව නිසි අවධානය යොමු නොකිරීම නිසා අවසානයේ සිදුවූයේ මුදලින් මැණිය නොහැති මහා ව්‍යසනයක්.

මෙම අනාවැකිය පිළිබඳ බලධාරීන් අවධානයෙන් කටයුතු කළේ නම් දැවැන්ත ව්‍යවසනයෙන් සිදු වු ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීමට ඕන තරම් වෙලාව සහ හැකියාවක් තිබුණු බවනම් නොඅනුමානයි.

රත්නපුර ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු අනුර සමරතුංග මහතා රත්නපුර දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී ගංවතුර අවදානමක් ගැන පූර්ව අනතුරු ඇඟවූ අවස්ථාව..

 

පසුගිය 25 වැනිදා ඔහු කළ ප්‍රකාශයේ පුංචි කොටසක් දිනපතා පුවත්පතක සටහන් වෙලා තිබුණේ මෙහෙමයි

මේ පිළිබඳ Champika Nirosh තැබූ FB සටහන..

Related posts

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අලුත් සන්ධානයක්… ‘පොහොට්ටුව‘ ඉවතට…

colombotoday