මේ වනවිට ඇතිවී තිබෙන ආපදා තත්ත්වය තුළින් මෙතරම් විනාශයක් සිදුවීමට ප්‍රධාන හේතුව ලබාදුන් උපදෙස් ජනතාවට නිසිලෙස පිළි නොපැදීම නිසා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ලබාදුන් උපදෙස් පිළිපැද ආරක්ෂිත ස්ථානවලට ගමන් කරනු ලැබුවේනම්, අනතුරු තවදුරටත් අවම කිරීමට තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මේ නිසා මින් ඉදිරියට මෙවැනි ආපදාවකදී ඉවත්නොවන ජනතාව ඉවත් කිරීමට නීති සකස් කරන ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.