Colombo Today Local News

ආපදාවට පත්වූ දරුවෙකුට දිනක ආහාර සදහා රු 30ක් වෙන් කෙරේ !

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවන්ට ලක්වූකොළඹ , ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල ප්‍රදේශවල මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙරපාසල් වල සිටින දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මේ අනුව එක් දරුවෙකු සඳහා ආහාර ලබාදීමට දිනකට රුපියල් 30/-ක මුදලක් වෙන්කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය විශේෂ චක්‍රලේඛයක් මගින් අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත දැනුම්දී ඇත.

මෙම ආහාර ලබාදීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ළමා සංවර්ධන නිලධාරීන් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related posts

2015 ජනවාරි 9 සිට මේ දක්වා කොටස් වෙළෙඳපොළ බිදවැටීම බිලියන 600යි

colombotoday

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday

පාකිස්තානු ජාතික සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

colombotoday

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හම්බන්තොට ගිවිසුම අද අත්සන් කරයි.. උද්ඝෝෂණ විරෝධතා තහනම් !

colombotoday