Colombo Today Local News

මුදල් ඇමති රවී උනාට මහබැංකුව තිබ්බේ අගමැති යටතේ…! බැදුම්කර හොරු රවී හෙළිකරයි

මහ බැංකුවේ බැදුම්කර සම්බන්ධව ලංකාදීප පුවත් පත විමසූ විට, රවි කරුණානයක මහතා පැව්සුවේ, ‘මේක මගේ විෂය පතයේ තිබ්බ එකක්ද? එහෙම නැති එකක් මගේ පිට පටවන්නේ ඇයි? අනෙක් අයගේ පව් කරගහන්න වුනාට කමක් නැහ. මට හානි වුනාට මගේ අගමැති ආරක්ෂා කිරීම මාගේ වගකීමක්, කොමිසම ඉදිරියේ ඇත්ත සියල්ලම හෙලිවෙනවා, වෙස් මුහුණු බැදන් සිට අය කවුද කියා හෙලිවෙනවා’ යන්නයි.

‘මගේ පක්ෂයේ එක පුද්ගලයකුට, ජාතික ලැයිස්තුවෙන් ආපු මේ පුද්ගලයාට ජනතාව ගැන රට ගැන හැගීමක් නැහැ, මේ පුද්ගලයා ජනතාවගේ දුක දන්නේ නැහැ, වැඩිකල් යන්න කලින් මේ අයගේ සැබෑ තත්ත්වය රටට හෙලිදරව් කරනවා, අපේත් ඉවසීමේ සීමාවක් තියෙනවා, ජාතික ලැයිස්තුවෙන් ඇවිත් වෙස් මුහුණ දාගෙන නටන මේ ඇමතිවරයා පෙනි ඉන්නේ අගමැති ආරක්ෂා කරන ස්වරූපයෙන්, හැබයි වෙන්න තිබෙන විශ්වාසයත් නැත්තටම නැති වීමයි, ජනතාවගේ ඡන්දයෙන් ගන්න බැරි මේ වගේ පුද්ගලයන් රට ඉදිරියට ගෙන යාමේ දි ප්‍රශ්නයක් වෙනවා’ යයි වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානයක මහතා පවසා ඇත.

‘මට කවුරු හෝ යම් ආකාරයකින් උදව් කලොත් මම ඒ අය සදාකල් ආරක්ෂා කරන මීත්‍රයෙක් බවට පත් කර ගන්නවා, විපක්ෂයේ ඉන්නකොට සියලුදෙනා රකින්න, පක්ෂය රකින්න ඕන ඕන කියමින් කට්ටිය කර උඩ තියාගෙන යන්න හදන අය හිටියා, මන්ත්‍රීවරු ඒ අය පස්සේ ගියා, අවසානයට වුනේ මොකක්ද? එක්කෙන්ක්ගේ දේශපාලන අරමුණ ඉටුකර ගන්න තමන්ගේ දේශපාලන අනාගතය නැති කල බව අද ඒ මන්ත්‍රීවරු දන්නවා, වේදිකාවේ කියන සුන්දර කතා ක්‍රියාවට පරිවර්තනය කරන්න ඕන, අපට ලංවෙන්න බැරි කුහකයෝ නොයෙකුත් කතා කියන්න පුලුවන්’ යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අද ලංකාදීප සඳුදා හමුව ඔස්සේ මෙසේ කරුණු පැහැදිලි කොට ඇත.

Related posts

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

ප්‍රහාර දැඩිවෙයි.. බොදුබලේ, මහින්ද, රනිල් ගැන කථිකාචාර්ය දිලන්ත රහස් තොගයක් හෙළිකරයි !

colombotoday