Colombo Today Local News

වෙන වෙනම තරග කර ප්‍රාදේශීය සභා, පළාත් සභා හවුලේ පාලනය කරන්න එකගත්වයක් !

පළාත් සභා මැතිවරණයෙන් පසුව පළාත් සභා සඳහාත් ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වීමට එකඟතාවකට පැමිණ ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මේ හවුල් පාලනය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ප්‍රාදේශීය සභා,නගර සභා,මහ නගර සභා යනාදී වූ පළාත් පාලන ආයතන සඳහාද අනුගමනය කිරීමට යහපාලන ආණ්ඩුවේ නායකයෝ එකඟවී ඇති බවද වාර්තාවේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී පක්ෂ දෙක වෙන වෙනම තරග කිරීමට තීරණය කර ඇති අතර මැතිවරණවලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල  පාලනය ගෙනයාමට පක්ෂ දෙකෙහි නායකයන් අතර එකඟතාවකට පැමිණ තිබේ.

මේ අනුව අදාළ පළාත් සභා තුළ මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන දිනාගන්නා පක්ෂයට මහඇමති ධුරය සහ ඇමති ධුර දෙකක්ද අනිත් පක්ෂයට ඇමති ධුර දෙකක්ද ලැබෙන පරිදි පළාත් සභා බලය හුවමාරු කරගැනීමට මෙහිදී පක්ෂ දෙක එකඟතාවකට පැමිණ ඇත.
පළාත් පාලන මැතිවරණයෙන් අදාළ පළාත් පාලන ආයතන සඳහා වැඩිම මන්ත්‍රීධුර ලබාගන්නා පක්ෂයට නගරාධිපති ධුරය හෝ සභාපතික්වය ලබාදීමටත් අනිකුත් පක්ෂයට උපසභාපති ධුරය හෝ උපනගරාධිපතිධුරය ලබාදීමටත් මෙහිදී පක්ෂය නායකයන් සාකච්ඡාකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් අතර පැවති හමුවකදී මෙම තීරණයට එළඹ ඇති අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටද එහීදී තීරණය කර ඇත. මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පොහොට්ටුව ලකුණින් තරග වැදීමට එකඟතාවකට පැමිණ තිබේ.

Related posts

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

colombotoday

රතන හිමිගේ තිරසර වැඩපිළිවෙළට අගමැති එක්වේ….

colombotoday

“ගිය මැයි රැළියට හම්බන්තොටින් බස් 4යි.. මේ පාර බස් 127ක් ඇනවුම් කළා.. ඒ තරම් සෙනග” මහින්ද අමරවීර

colombotoday

‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් කිසිදු සහනයක් නෑ’

Admin